මුවින් වචනයක් පිට කිරීමේදී බොහෝ සැලකිළිමත් විය යුතුය. පිරිසක් මෙහෙයවන්නෙක් හෝ වගකීමක් දරන්නෙකුට නම් එය ඉතා වැදගත්ය. එක නොසැලකිළිමත් වචනයකට අවසානයේ විශාල අනර්ථයක් සිදුකල හැක .

ජීවිතයට ඔවදන්

යමකින් පළමු තැන ගැනීමට උත්සාහ නොකරන්න. එහෙත් සෑම දෙයකින්ම දෙවන තැන ගැනීමට පසුබට නොවන්න .

ජීවිතයට ඔවදන්

සැමවිටම නිවැරදි දේ කරන්න. අතීතය ගැන පසුතැවිලි නොවන්න. කල යුතු යුතුකම් හා වගකීම් ඉටුකරන්න. ධනය නොව මිනිසුන් හම්බකරන්න. එවිට නිතැතින්ම සතුට ඔබ සොයා පැමිණේවි .

ජීවිතයට ඔවදන්

සෙමින්, එහෙත් නොනැවතී යන ගමනෙහි අවසානය ජයග්‍රහණයයි .

ජීවිතයට ඔවදන්

කේන්තිය යනු, අනුන් කල වරදකට තමන් දඬුවම් විඳීමකි .

අන්තර්ජාලයෙන්

එක් සුළු මොහොතකින් ඔබ ගන්නා තීරණයක් ඔබගේ මුලු ජීවිතයම තීරණය කිරීමට සමත්ය. ජීවිතයේ නැවත නොලැබෙන දේවල් වලින් එකකි අවස්තාවන්, කිසි දිනක එවා මග හැරගන්න එපා .

ජීවිතයට ඔවදන්

මිනිසුන්ට සත්‍ය වෙනස් කල නොහැක.
නමුත් සත්‍යයට මිනිසුන්ව වෙනස් කල හැක .

අන්තර්ජාලයෙන්

මිනිසුන්ව ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් පමනක් විනිශ්චය කිරීමට පුරුදු වන්න.
එවිට ඔවුන්ගේ හිස් වචන වලට නොරැවටී සිටීමට ඔබට හැකි වනු ඇත .

අන්තර්ජාලයෙන්

ඕනෑම නරක අවස්ථාවක වුවද සුභවාදී යමක් සැඟවී තිබෙන්නට පුළුවන .

උපුටා ගැනීමකි

මිනිසුන් වර්ගීකරණය කල හැකි ක්‍රමයක් ඇත්නම් ඒ මනුස්සකම අනුව පමණකි.ඒ ඒ පුද්ගලයාට සැළකිය යුත්තේ ඔහු හෝ ඇය සතු මෙම ගුණාංගය මතම පමණකි.මටත්,ඔබටත් මේ වර්ගීකරණය තුල යම්කිසි ස්ථානයක් හිමිවී තිබේ.වඩා වැදගත් වන්නේ මෙහි ඉහළ තැනක් ගැනීමට යමෙකු ප්‍රයන්ත දැරීමයි .

ජීවිතයට ඔවදන්

විය හැකි යහපත්ම දේ බලාපොරොත්තු වන්න. විය හැකි නරකම දේ සඳහා සූදානම් වන්න .

අන්තර්ජාලයෙන්

හැම ගහකම මල් පිපෙන්නේ නැහැ.
පිපෙන ගස් වලත් හැමදාම මල් තියෙන්නේ නැහැ.
ඒ වගේම,
හැම මිනිහම මිනිසෙක් මෙන් නැහැ.
මිනිසෙක් උනත් හැම හිතකම මිනිස් කමක් නැහැ .

අන්තර්ජාලයෙන්

මිනිසුන් ඔබ සමග අනෙක් පුද්ගලයන් ගැන කතා කරන ආකාරය ගැන සැලකිලිමත් වන්න. ඔවුන් ඔබ ගැන අනෙක් පුද්ගලයන් සමග කතා කරන්නේද එසේමය .

අන්තර්ජාලයෙන්

Wealth is lost, Nothing is lost  Health is lost, Something is lost  But Character is lost, Everything is lost .

Advices for Life

නපුරු මිනිසුන් ඉක්මනින් ජය ලබති.
එහෙත් ඉන් ලැබෙන සතුට තාවකාලිකය.

අවංක මිනිසුන් පමා වී හෝ ජය ලබති.
නමුත් ඉන් ලැබෙන සතුට සදාකාලිකය .

අන්තර්ජාලයෙන්

ජීවිතය, පාපැදියක් පදවනවා වැනි දෙයක්. නොවැටී ඉන්න නම් ඉදිරියට යන්නම වෙනවා .

ඇල්බට් අයින්ස්ටයින්

ජීවිතය යනු හොඳම පාසලයි. අත්දැකීම් යනු හොඳම ගුරුවරයායි. ප්‍රශ්න යනු හොඳම අභ්‍යාසයයි. ඇදවැටීම් යනු හොඳම විභාගයයි .

අන්තර්ජාලයෙන්

ලොව ඇති ලොකුම අරගලය, වැරදි මිනිසුන් මැද නිවැරදිව ජිවත් වීමයි .

අන්තර්ජාලයෙන්

ලොව සියලු දේ වෙනස් වන සුළුය. නොවෙනස් වන එකම දේ වෙනස් වීමයි .

උපුටා ගැනීමකි

වැරදි කිරීම පහසුය. ඒවායෙන් පාඩමක් ඉගන ගෙන නැවත එම වැ‍රැද්ද නොකර සිටීම අපහසුය .

අන්තර්ජාලයෙන්